දිනෙක ඔබ සඳ වාගේ හැඩයි - ඇන්ජලීන් ගුණතිලක | Dineka oba sanda wage hadai - Anjalin Gunathilaka


දිනෙක ඔබ සඳ වාගේ හැඩයි
නැවත ඔබ ඉර වාගේ සැඩයි
මේ වෙනස්කම නැති උනත් නිම
දි‍නෙන් දිනෙන් ආදරේ වඩයි //

හිනස්සන විට සිනාසෙමි
අඬන්නට බෑ බලා ඉමි
හිනස්සන විට සිනාසෙමි
අඬන්නට බෑ බලා ඉමි
ගඟක් වැනි ඔබ සමැත් පැවතුම්
ඔබේ ළඟ ඉද පතා ඉමි

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි...

උදේ මල් විල මනෝහරයි
සැඳෑ කල එය විඩාබරයි
උදේ මල් විල මනෝහරයි
සැඳෑ කල එය විඩාබරයි
ලොවෙහි දියදම වෙනස් වීමය
ඔබත් එය පැහැදිලි කරයි

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි...

විලේ දිය ගඟුලෙදී බොරයි
ගඟේ දිය සයුරෙදී සැරයි
විලේ දිය ගඟුලෙදී බොරයි
ගඟේ දිය සයුරෙදී සැරයි
ඔබේ සෙවණෙද මෙසේ ඉඳ හිට
විවිධ හැඟුමන් උදාකරයි

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි...



ගායනය - ඇන්ජලීන් ගුණතිලක
සංගීතය - වික්ටර් දළුගම
ගී පද -  ප්‍රේමකීර්ති ද අල්විස්



Comments