ගංගා දිය වැල් ගලා - පුන්සිරි සොයිසා | Ganga diya wel gala - Punsiri Soyza


ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //

වන පෙත් හෙලි වේ
රන් කෙත් සරු වේ
කම්හල් ඉදිවේ මේ දෙරණේ
ජන රජ දහනේ
ජය දද හෙවණේ
අප අද බොන්නේ ජය පානේ

ගංගා දිය වැල් ගලා...

අළුයම අහසේ
පායන හිරු සේ
පිබිදී හඬවා ජය සංකා
සව් සිරි සපුරා
රන් කෙත් වපුරා
සුරකිව් සැමදා ශ්‍රී ලංකා

ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //


යමු යමු පෙරමුණ බලා ///


ගායනය - පුන්සිරි සොයිසා
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...