කවි සීපද - චන්දන ලියනාරච්චි | Kavi seepada - Chandana Liyanarachchi


කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පහන් සිළෙන් නොදුටුව රුව
පැළ දොර ළඟ සිරියාවට //
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය //
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි


ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය - ජයසිරි අමරසේකර
ගී පද - චන්න ජයනාත්


Comments

  1. පහන් සිළෙන් නොදුටුව රුව
    ඇළ දොළ ළඟ සිරියාවට...නෙමෙයි...

    පැල දොර ළඟ, මෙයා පැල් රකින නිසා රෑට ගෙදර නැහැ...ඒ නිසා කළුවරේ පහන් සිලෙන් දකින්න බැහැ..එත් උදේට ගෙදර එනකොට (පාන්දරින්ම නැගිටලා මූණ සෝදලා, ඔලුව පීරලා දොරකඩ පෙරමග බලන් ඉන්නවා...)

    ReplyDelete
    Replies
    1. අඩුපාඩුව වුණත් මේ විධියට විස්තරාත්මකව පෙන්නල දෙනකොට හරිම සතුටක් දැණෙනවා. ස්තූති වේවා...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...