මිරිඟුව නලියන පාර දිගේ - චන්ද්‍රකුමාර් කඳනාරච්චි | Miringuwa naliyana para dige - Chandrakumar Kandanarachchi


මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා
ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා
ඔබ මැකී ගියා

අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ

මිරිඟුව නලියන පාර දිගේ...

අකුරු ලියා නැති හිස් පිටුවක් වී
හිතත් ඉතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහේ අසරණ වෙද්දෙන්

මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා
ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා
ඔබ මැකී ගියා
ඔබ මැකී ගියා


ගායනය - චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය - මහේෂ් දෙනිපිටිය
ගී පද - කැළුම් ශ්‍රීමාල්

Comments

  1. හරිම අපුරුයි.. චන්ද්‍රකුමාර් කියන්නේ සැබවින්ම සුන්දර හදවතක් ඇති මිනිසෙක්. මම මෙහෙම කියන්නේ ඔහුව පෞද්ගලිකවම හඳුනන නිසා.

    චන්ද්‍රකුමාර් මගේ පාසැලේම ඉගෙනගත් නමුත් මට වඩා බොහෝ ජේෂ්ඨ කෙනෙක්. අපේ පාසලේ හැමෝම ආදරේට කියන්නේ C.K අයියා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔහුට තියෙන්නෙ බොහොම ලයාන්විත හඬක්. ඒ වගේම ඔහුගෙ ගීතත් ඒ වගේමයි.

      Delete
  2. නියමයි දිගටම කරගෙන යන්න

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...