පෙරවදනක් නැති - නදීක ජයවර්ධන | Perawadanak nethi - Nadeeka Jayawardena


පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

එක සෘතුවකට පසුව
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

ගායනය - නදීක ජයවර්ධන
සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය



Comments

  1. kanugaha idin machan pissu dodawanne nathiwa.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...