උමතු ප්‍රේමවන්තයා - ලෙලුම් රත්නායක | Umathu Premawanthaya - Lelum Rathnayaka


අනේක වාරයක් සිපගත්තෙමි ඔබව
සුසුම් හුයකින් බැඳ තබාවත්ද මා
යලි යලිත් නුඹව සිපගන්නට
සිත පොළඹවන කරුණ සොයාගත නොහී
විශ්මයෙන් විශ්මයට
ඇලලී යන සොඳුරු කාව්‍යයේ
මමයි උමතු ප්‍රේමවන්තයා

නෙතු කාන්තියේ සිහිලසේ වෙලී
අනන්ත වර ඔබව මුණගැසෙමි //
කොයි තරම් නම් හමුවුණත්
මිදෙයි හිත ඉවසුම්
දකිනු රිසින් යලී
විශ්මයෙන් විශ්මයට
ඇලලී යන සොඳුරු කාව්‍යයේ
මමයි උමතු ප්‍රේමවන්තයා

අනේක වාරයක් සිපගත්තෙමි ඔබව
සුසුම් හුයකින් බැඳ තබාවත්ද මා
යලි යලිත් නුඹව සිපගන්නට
සිත පොළඹවන කරුණ සොයාගත නොහී
විශ්මයෙන් විශ්මයට
ඇලලී යන සොඳුරු කාව්‍යයේ
මමයි උමතු ප්‍රේමවන්තයා
මමයි උමතු ප්‍රේමවන්තයා ///



ගායනය, සංගීතය - ලෙලුම් රත්නායක
ගී පද - චාමින්ද රත්නසූරිය

Comments