මේ උයන් තෙරේ - නිර්මලා රණතුංග | Me uyan there - Nirmala Ranathunga


මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ //

ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ //
අතර මගක මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න
කොහෙද ඔබ ගියේ

මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ...

අප එදා පෙමින් වෙළී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ //
යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න
කොහෙද ඔබ ගියේ

මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ... //


ගායනය - නිර්මලා රණතුංග
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කුලරත්න ආරියවංශ


Comments