වියෝ වී මිහි මඬල - චන්ද්‍රිකා සිරිවර්ධන | Viyo wee mihi madala - Chandrika Siriwardena


වියෝ වී මිහි මඬල
ඉකි බිඳී
රළු සුළඟ සේ
වියෝ වී මිහි මඬල
ඉකි බිඳී
රන් සුළඟ සේ
අළු යටින් මතු වී
ඇවිලෙනා ඇවිලෙනා
නොනිවි ගින්නක් වී
ඉකි බිඳී මිහි මඬල
සාපයක් දෝ දෙවියන්ගේ
පාපයක් දෝ මිනිසුන්ගේ

බිඳි සෙනෙහෙ අවුරා
ළං කළ හැකිද
හඬන සිත් තැවෙන සිත්

සාපයක් දෝ දෙවියන්ගේ
පාපයක් දෝ මිනිසුන්ගේ ///



ගායනය - චන්ද්‍රිකා සිරිවර්ධන
තනුව - ආනන්ද ගමගේ
පද - සුනිල් ආර්. ගමගේ
ටෙලි නාට්‍යය - සුර අසුර



Comments