ඇහි දාර මත දුක - සේනානායක වේරලියද්ද | Ahi dara matha duka - Senanayaka Weraliyadda


ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා //

කවියක් වාගේ ජීවත් වෙන්න
තාලේ ගෙනවිත් දෙන්න
පද වැල් එළි වැටේ
ළඟම නතර වෙලා //

ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට...

හිතුවත් ගලන ගඟ සේ ඉන්න
බාධා අතැරලා ගලන
ආදර කතරෙදි
හිඳිලා ගියා //

ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට... //



ගායනය - සේනානායක වෙරලියද්ද
සංගීතය - සදීප්ත ගුණවර්ධන
පද රචනය - කුශාන් මනීන්ද්‍ර

Comments