නුරා බිඳු වෑහෙනා - කිත්සිරි ජයසේකර | Nura bindu wahena - Kithsiri Jayasekara


නුරා බිඳු වෑහෙනා
නග්න රාත්‍රියේ
වළා සළු උණා දමා
උකටලී
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේ

අවදි කර හැඟුම් සංධ්වනි
දෙතොල් විල් ඉම රස බී
පහන් වෙන්නට පෙර රැය
නොදිලේ
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේ

මිණි මෙවුල් බඳ ලිහී
සුසුම් කුණාටුව ඇවිලී
නුවන් නිළුපුල් වැසී
යන්නට දී
තොල ගාමූ තොල ගාමූ
තොල ගාමූ
අමෘතය මිහිරියේ

නුරා බිඳු වෑහෙනා
නග්න රාත්‍රියේ
වළා සළු උණා දමා
උකටලී
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේ


ගායනය - කිත්සිරි ජයසේකර
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය



Comments