රණ බිම මැරුණේ සිංහලයෙකු නම් - චන්ද්‍රිකා සිරිවර්ධන | Rana bima merune sinhalayeku nam - Chandrika Siriwardena


රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ //

මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවාගත්තේ

රණ බිම මැරුණේ සිංහලයෙකු නම්...

මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමිදෙන මල් පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ

රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ


ගායනය - චන්ද්‍රිකා සිරිවර්ධන
තනුව - සරත් දසනායක
ගී පද - පියසේන රතුවිතාන


Comments

  1. ඇයිද කියලා මම දන්නේ නැහැ. මට ඉස්සර ඉඳලම මේ පදවැල් වල අනිකා සුළු කොට තැකීමේ ගතියක් දැනෙනවා.පපුවේ වෙඩි සලකුනු සහිතව මිය ගිය සිංහල නොවන සෙනෙවියො කොච්චර හිටියද?

    ReplyDelete
  2. Sira Sinduwak niyamai (Y)
    meka hodei kiyapu nisa mama jathi wadiyek kiyawi, methana hari keliyak wela thiyenne me sinduwe sinhalaya kiyala thiyena nisa meka hari naa wiwechana godai.
    methana sri lankikaya kiuwa nam kawuruth mokak wath kiyana ekak naa .

    ReplyDelete
  3. රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ

    සිංහලයෙක් රණ බිමේදී කිසිවිටක බයේ දුවන්නේ නෑ කියලයි මේකේ කියන්නේ
    මොකක්ද මේ කියවන කුණුහරප
    සිංහල තේරුම් ගන්න බැරුව ගොන් කථා කියන්න එපා.
    අනික් හමුදාවල ය ගැන මේකෙන් අදහසක් නෑ.
    සිංහලයා බය නෑ කියලයි කියන්නේ...
    අනේ මන්දා......

    ReplyDelete
  4. මෙම ගීතයේ පද රචනය පියසේන රතුවිතාන නම් රචකයෙකුගේ බවට අපට blogger contact form ඔස්සේ Saman Sri Udaya Kumara මහතා දන්වා තිබෙනවා. කෙනෙකුට එය තහවුරු කල හැකිනම් අගෙයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...