සඳ කිණිති නැමී - ලක්ෂ්මන් විජේසේකර | Sanda kinithi nami - Lakshman Wijesekar


සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ //

සසළ නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින්
සසළ වෙලා දිය කැළඹුණු දා
බිඳෙයි සඳ කැබිළි පිටින්

සඳ කිණිති නැමී විල් දියට එබී...

සසළ නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්

සඳ කිණිති නැමී විල් දියට එබී...


ගායනය - ලක්ෂ්මන් විජේසේකර
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - යමුනා මාලනී පෙරේරා

Comments