සඳු හිරු වී මගේ ලොවේ - ටී.එම්. ජයරත්න | Sandu hiru wee mage lowe - T.M. Jayarathna


සඳු හිරු වී මගේ ලොවේ
ඔබ දිලුණා
ඔබ හමු වී ළඳේ එදා
සිත බැඳුණා
දිවි කතරේ යන අතරේ
හදේ සුසුම් නිවා

නෑ ආයෙ ඒ ඈත ඒ පාළු ලෝකේ
මා හා මෙදා යා වෙලා
නෑ මාගෙ ජීවේ ඒ කාලෙ වාගේ
සුසුම් ඒවිදෝ මා සොයා

සඳු හිරු වී මගේ ලොවේ...

මේ සීත රෑ යාමෙ මේ ගීත ලෝකේ
මා හා බැඳී යා වෙලා
මා කීව ගීතේ මේ පාළු යාමේ
පැතුම් යාවිදෝ පා වෙලා

සඳු හිරු වී මගේ ලොවේ...



ගායනය - ටී.එම්. ජයරත්න
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ලීනස් මෙන්ඩිස් පියතුමා


Comments

  1. මේක ලිව්වෙ ලීනස් මෙන්ඩිස් පියතුමා.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...