නෙතු කඳුලැලි ඉනුවා - ඉන්දිකා උපමාලි | Nethu kanduleli inuwa - Indika Upamali


නෙතු කඳුලැලි ඉනුවා
හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා
සඳ මැකුණා
හිත දැවුණා
සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුණා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුණා

දෑළ මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු ක‍ටු අතුරා
දූවිලි දුම් මැද මා මග තනි කර
ඈතට ගිය හැටි මතක ඉමේ
ඇඳුණා...

ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා
සීතල හීනෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු
තිබුණා...

නෙතු කඳුලැලි ඉනුවා
හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා
සඳ මැකුණා
හිත දැවුණා
සඳ මැකුණා
හිත දැවුණා
සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුණා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුණා


ගායනය - ඉන්දිකා උපමාලි
සංගීතය - කසුන් කල්හාර
ගී පද - නිලාර් එන් කාසිම්


Comments