පණ තියෙන තුරා කීවත් - අතුල අධිකාරි | Pana thiyena thura keewath - Athula Adhikari


පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් //

දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
වන නිල්ල පවා
සැඩ නිය‍ඟේ සැඟවී යාවී

පණ තියෙන තුරා කීවත්...

පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
ඒ උඹේ හිතමයි
ඇදහූවද කවුරුන් කෙලෙසේ

පණ තියෙන තුරා කීවත්...


ගායනය - අතුල අධිකාරි



Comments