කඳුළ නිවන්නම් - ප්‍රියානි ජයසිංහ | Kadula Niwannam - Priyani Jayasinghe


කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
තනියට ඉන්නම් තනි නොකරනවානම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්...//

මල් පූදින්නේ දෑගිලි අතරේ
තැලී පෙලී මියැදෙන්න නොවේ..//
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
හිතරිදවා හඬවන්න නොවේ...

කඳුළ නිවන්නම්...

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝණදුර දුරු කරවා ලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවෙන
හිතකට එළියක් ලැබ දෙන්නයි

කඳුළ නිවන්නම්...

ගායනය : ප්‍රියානි ජයසිංහ
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : අශෝක කෝවිලගේ


 
 (මුල් ගායනය : චරිතා ප්‍රියදර්ශනී)
 

Comments