කුසුම් පිපී තුරු මතේ - සෝමතිලක ජයමහ | Kusum pipi thuru mathe - Somathilaka Jayamaha


කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //

රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ //
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //

ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ //
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //

අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //


ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය, ගී පද - ජෝර්ජ් පල්ලියවත්ත

Comments