මේ දෙව් මැදුරේ - ෂෙල්ටන් මුතුනමගේ | Me dew madure pudasuna abhiyasa hinda - Sheltonn Muthunamage


මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ
ඔබ මගේ යයි ඔබ මට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අත ගෙන අන් සතු වුයේ
මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ

ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන
සිහින මැවූ පෙම් කුමාරියේ //
සිහින ලොවේහී මා තනිකර ඔබ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ

මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ...

අමතක කල ඒ අපේ අතීතය
මින් පසු මතකයට නගනු එපා //
පති කුලයට යන අහිමි කුමාරියෙ
ඔබ හට සෝ දුක වෙන්න එපා
ඔබ හට සෝ දුක වෙන්න එපා

මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ...


ගායනය - ෂෙල්ටන් මුතුනමගේ
තනුව - සරත් ද අල්විස්
පද - ජෝජ් රොබ්සන් ද සිල්වා




Comments