ඔබෙන් එක මොහොතක් - තිලාන් ධනුෂ්ක | Oben Eka Mohothak - Thilank Dhanushka


ආදරේ පිනි පොද වැස්සේ......//

ආදරේ..පිනිපොද වැස්ස සේ..
පෙම්වතුන්ගෙ රිද්මයට..
ආදරයේ පියවර තියන්නට..
ඔබත් එක්ක තුරුල්වෙලා තෙමෙන්න..
සිහිල් සුළං රැල් මට විදින්න..
ඔබෙන් එක මොහොතක් මට දෙන්න...//

හිතේ පුරා ඔබව දකින්න..
හිතේ පුරා ඔබව විදින්න..
නිදන තුරා ඔබව නලවන්න..
ඔබෙන් එක මොහොතක් මට දෙන්න...//

ආදරේ කුළුදුල් රාත්‍රිය
සුලඟට මුසු කල හාදුව
දෙතොලේ සිහිවටනය කරගන්න..
රිද්මය නැති ජීවිතයට පන පොවන්න..
ළයට තුරුලු කරගෙන ආදරෙ කොදුරන්න..
ඔබෙන් එක මොහොතක් මට දෙන්න...//

වියැලී යන සුළඟේ..
ඔබේ සුවඳ විදගන්නට දැනෙන..
ගිනි මද්දහනේ තනි මට හති අරින්න ඉඩදෙන්න..
ඔබ සැගවුනු සිහිනයේ ඔබ දකින්නවත් දෙන්න..
ආදරයේ අවසන් හුස්මවත් විදින්න දෙන්න...//

ආදරේ පිනි පොද වැස්සේ....

ආදරේ පිනි පොද වැස්සේ....

ගායනය : තිලාන් ධනුෂ්ක
පද රචනය : තිලාන් ධනුෂ්ක
සංගීත සංයෝජනය : රංග දසනායක

Comments