පිණි වැටෙනා මල් යායේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Pini watena mal yaye - Prince Udaya Priyantha


පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ

නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ

පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා


එකම ඉසව්වක බැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිය ළතැවී
සිත රැඳි පැතුමන් පොදි බැඳ එන අද
ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ

නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ

පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ


අපේ ලොවක තනි වෙන්නට පැතුමන්
කොතරම් පිරුණත් වරම් නැතේ
බාධක හමුවේ නොසැලී ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ

නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ

පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ


ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය - නිහාල් ගම්හේවා
ගී පද - නිහාල් ගම්හේවා


Comments

  1. ලස්සන සින්දුව නිතර කොමෙන්ට් නොදැම්මත් ෆලෝව් එකේ ඉන්නෙ හරිය.
    ස්තුතියි :-))

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...