හිරුට අයිති බව - නීලා වික්‍රමසිංහ | Hiruta aithi bawa - Neela Wickramasinghe


හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ //

හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වන්නේ
බිඟුටලු මදු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ

හිරුට අයිති බව හිරු පවසනවා...

හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුල සැඟවී සැනහීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට
නෙළුමේ ඔබ අසුවන්න එපා

හිරුට අයිති බව හිරු පවසනවා...


ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - දයා ද අල්විස්
සංගීතය - රෝහණ වීරසිංහ



Comments

  1. මචන් අපිට තවත් අජිත් කුමාරසිරිගේ සින්දු ලැබුනොත් හොදයි බන්

    ReplyDelete
  2. පද රචනය - 'දයා ද අල්විස්' ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සළකන්න.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...