කළු කැළණි නදී - ලතා වල්පොල, සුසිල් ප්‍රේමරත්න | Kalu kelani nadee gala yawi - Latha Walpola, Susul Premarathna




කළු කැළණි නදී ගලා යාවී
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ

සමනල කිරි ගල පිදුරුතලාගල
ආන්න වැල් කඳු පේළි
හක්ගල පේරාදෙණියේ මල්වතු
දුන්හිඳ ඇල්ලේ සෝභා
දුන්හිඳ ඇල්ලේ සෝභා

කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ

සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු
ගල් කැටයම් පෙළ සෑදී
අව්කන පිළිමේ දෙන බුදු මහිමේ
ඉසුරුමුණියෙ මනහාරී
ඉසුරුමුණියෙ මනහාරී

කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ

සොරබොර වැව හා මහියංගණයද
බිංතැන්නට හිමි වූයේ
කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ
නාගදීප ඇත උතුරේ

කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ ////


ගායනය - ලතා වල්පොල, සුසිල් ප්‍රේමරත්න
තනුව - සුසිල් ප්‍රේමරත්න
පද - ආනන්ද සරත් විමලවීර



Comments

  1. මං ආයිත් ආවෝ............ කැමතිනම් ආයිත් ලියන්නං...

    ReplyDelete
    Replies
    1. රික්වෙස්ට් එකක් එව්ව බං බලපං.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...