මල් මල් මල් - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Mal mal mal - Chandrasena Hettiarachchi


මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා

සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි

සෙනෙහස වින්දා හද මල් පුබුදා
ඔබ මා තුරුලේ රන්දා
කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා
ඔබ මට හිමි වූ හින්දා //

සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි

සිත් අහසේ දුටු සිනහා
පිරීතිරී යන හින්දා
මල් යායයි බිඟු රෑනයි
සිනාමනාවන් පෑවා //

සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි

මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා

සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි


ගායනය, ගී පද - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය - රදීෂ් වැන්දබෝනා





වීඩියෝව ගත්තෙ මෙතනින් - ElaIdea

Comments