සල්ලි පොකුරු මිල්ලේ අහුරු - ජය ශ්‍රී | Salli pokuru mille ahuru - Jaya Sri


සල්ලි පොකුරු මිල්ලේ අහුරු
සිහින විලේ බඹර රැගුම් පානා
පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ග‍තේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා

මුහුදු හතේ රළ රැල්ලේ
පොර බදලා අපි ආවා
නාග විමන් මකර කටින්
රිංගාලා අපි ආවා

රස්සාවට නගින උදේ
මචෝ කියලයි පිලිගන්නේ
කම්හල නැග බහින තුරා
අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
තියන විටදි අත දිග හැර
මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
කඩිසර කම තිබෙන තුරා
අපේ දවස කළ එළි වී එන්නේ

හද කොහෙදෝ ගිහිල්ලා දෝ
හීන් සැරේ මඟ ඇරලා
අපි දන්නා හඳ මාමේ
අපි නම් නෑ පැරදීලා

කටු වටකර තිබුණත්
අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ

ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා //

අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා



ගායනය, සංගීතය - ජය ශ්‍රී




You Tube - kmwanniarachchi

Comments

  1. නොදකින් මටනම් පෙන්නන්න බැරි ටකරං කටාලා දෙන්නෙක් මේ. මුන් මොන ගායකයෝද?

    ReplyDelete
    Replies
    1. අපිටනං මෙයාල හොඳයි. ගී පැදුරටත් විශේෂයක් නෑ :-)

      Delete
    2. සිංදුවක් විඳින්න දන් නැති ගෝතයෙක්

      Delete
    3. Mu danna jayasri ane nkn palayan bn yanda ...

      Delete
    4. Kauda me mi haraka ubala thama mal sindu ahana gonnu

      Delete
  2. එළ කිරි නියම සිංදුව හා ගයකයො දෙන්න
    මුලින් කියන්න ඕනෙ දැන් දැන් කොච්චර රෙගේ ගායකයො හොටොයත් මේ ශ්‍රී ලංකාවෙ බය නැතුව ඒ කාලෙ රෙගේ වලට බැහැල උන්නු නිසා ගරු කරමි . තවටත් අප රට තුල රෙගේ ගයකයින් හිගලෙස දැනේ .

    කැරන්ස් , සුනිල් , ජිප්සිස් ,රූකාන්ත ,ඉරාජ් , කසුන් , ඉන්ද්‍ර චාප , බතිය හා සන්තුෂ් මේ ටිකයි මේ කාලෙන් කාලෙට අපේ රටේ සංගීතෙ වෙනස් කරපු යුග පුරුෂයො කියල පිලිගන්න කැමතිනම් අනිවාරෙන් ජය ශ්‍රී නමත් ඇතුලත් බව සළකන්න.
    ______________________
    එළකිරි පෝස්ට් එක . නිතර කොමෙන්ට් නොකලත් අපි ඇලර්ට් හරිය .
    ජයෙන් ජය !!!!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ රසිකයෝ :-)

      Delete
    2. ගැම්මක් ගැම්මක්❤

      Delete
  3. අපිටත් ඉතින් ජයශ්‍රී හොඳා. :D

    කොහොම වුනත් මේක නම් ඇත්තටම ජයශ්‍රීලගේ මයිල්ස්ටෝන් සින්දුවක් වෙන්ඩ ඕන හරේෂ් අය්යේ, මට හිතෙන විදියට. අනික් එක, ලිරික්ස්.

    \\කටු වටකර තිබුණත්
    අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
    එහෙම ඇවිත් ගමේදි මේ
    සේසත දවසින් වියදම් වෙන්නේ

    ආපු ගමන් ආයෙත් යං
    මිල්ලෙ සොයන් අපි එනවා
    අද යනවා හෙට එනවා
    එහා මෙහා ඔහෙ යනවා//

    මිල්ලෙ සොයා කතන්දරේම මෙතන කියලා.

    ReplyDelete
  4. පට්ට සින්දුව....
    සලාදෙනෙත් යුග අනික....

    ReplyDelete
  5. පට්ට සින්දුව....
    සලාදෙනෙත් යුග අනික....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...