හිම දියවී හිමාලයේ - අමරසිරි පීරිස්, වසන්තා තිලකාංගනී | Hima Diyawee Himalaye - Amarasiri Peiris, Wasantha Thilakangani



හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


Comments

  1. මට මතක හැටියට මේ ගීය ලිව්වෙත් ධම්මික බණ්ඩාර සංගිතය ඩැනිස්ටර් පෙරේරාගේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ඉඟියට,
      පද රචනය ගැන නම් හොයන්න ඕනෙම වුනා...තේරුම නම් අනර්ගයි...

      Delete
  2. මගේ ප්‍රියතම ගීතයක්....

    //ඉඩ දී වෙන්නට දඩුවම්// - ඉඩ දී දෙන්නට දඬුවම්
    //මේ ඔපලු යහන් තලාවේ// - මේ හෝපලු යහන් තලාවේ

    විදිහට නිවැරදි වෙන්න ඕනෙ මම හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....වෙනස් කලා..!

      Delete
  3. තේරැම දැනගන්න ඕන නම් මේ වීඩියෝව බලන්න
    ලස්සනට විස්තර කරල තියනවා
    https://youtu.be/_25X1grOj9Y

    ReplyDelete
  4. https://www.youtube.com/watch?v=_25X1grOj9Y&feature=youtu.be

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...