කිරි සයුරේ රැළි - ප්‍රියා සූරියසේන | Kiri Sayure Rali - Priya Suriyasena


කිරි සයුරේ රැළි - උතුරන හසරැල්
දෙතොලෙ මවාදී - හීන් සීරුවේ...
පිපෙන නෙළුම් මල් - පරිදි සියළු කල්
හද විල් තලාවේ - ඔබේ වත පෙනේ...

පළිඟු පලන්දා - ගෙල සරසාලා..
තිලකය ඇන්දා - නළලත පිසදා..
සේලය දවටා - ලැමහස තුරුලේ..
කවුරු නිසාදෝ...

කිරි සයුරේ...

මැණික් රිදී රන් - මා අත නැත්තේ..
උතුම් ආදරේ - පමණකි ඇත්තේ..
එය කවුරුත් නෑ - තව පිළිගත්තේ..
එය ඔබටයි දෝ...

කිරි සයුරේ...

ගායනය : ප්‍රියා සූරියසේන

Comments