මැණිකේ සුදු මැණිකේ - ඇනස්ලි මාලෙවන, මූන්ස්ටෝන්ස් | Manike sudu manike - Annesley Malewana, Moonstones


මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ

කුඹුරේ පහළ කුඹුරේ
කුඹුරේ කරල් පැසේ
මද සුළං හමා නැලවුණා වගේ
කොමල පා යුග නගනු පෙනේ
මද සුළං හමා නැලවුණා වගේ
කොමල පා යුග නගනු පෙනේ

සඳෙහි සුපුන් ස‍ඳෙහි
ස‍ඳෙහි කැළුම් වගේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ

මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ

කුඹුරේ පහළ කුඹුරේ
කුඹුරේ කරල් පැසේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ


ගායනය - ඇනස්ලි මාලෙවන, මූන්ස්ටෝන්ස්
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - saskia.s

Comments