රත් සර කැකුළ රකින්නම් - කසුන් කල්හාර, නෙලූ අධිකාරි | Rathsara kakula rakinnam - Kasun Kalhara, Nelu Adhikari



රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම්
ජීවනයේ

දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම

ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
පිපි අහස උනේ ඔබ වත
රන් රුවන් හැර ආ මේ හද
ඔබගේම නොවේදෝ කිව මැන

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ


ගායනය - කසුන් කල්හාර, නෙලූ අධිකාරි
සංගීතය - ආනන්ද ගමගේ
ගී පද - බන්දුල නානායක්කාරවසම්

සිංදූර් ටෙලි නාට්‍යයෙන්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Miranja Sameera

Comments