කවදාවත් කවමදාවත් - සංජීව ලියනගේ | Kawadawath Kawamadawath - Sanjeewa Liyanage


කවදාවත් කවමදාවත් - නොලැබෙන සෙනෙහසක්
කිසිදාකත් කිසිමදාකත් - අමතක නැති පෙමක්..
අදටත් මියෙනදාටත් - එක ලෙස උණුහුමක්
ලැබුනත් නොලැබුනාමත් - නොවෙනස් හදවතක්..

ලඟටත් ලඟට නාවත් - ඈතට ගිය හිතක්..
දැනුනත් නොදැනුනාමත් - නුපුරුදු සුවහසක්..
පිපුනත් පර වු දාටත් - සුවඳින් පිරි මලක්..
ලැබුනත් නොලැබුනාමත් - නොවෙනස් හදවතක්..

බැලුවත් නොබැලුවාමත් - බොඳවුනු සිතුවමක්..
සුසුමක් සුසුම් දහසක් බදු - කඳුලු බින්දුවක්..
හෙටටත් සසර ගණනක් - මා පසු කර ගියත්..
ලැබුනත් නොලැබුනාමත් - නොවෙනස් හදවතක්..

කවදාවත් කවමදාවත්....

ගායනය : සංජීව ලියනගේ
පද රචනය : ආචාර්ය ශිරෝමි අරුණාතිලක
සංගීතය : විශාරද සංජීව ලියනගේ

Comments