හද ගිලෙයි අම මිහිරේ - මොහිදීන් බෙග්, රුක්මණී දේවි | Hada gilei ama mihire - Mohideen Baig, Rukmani Devi


හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා
මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ
පෙම් සයුරට මුසුවේ
හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ

වන බඹරු නොදත් නොසිතී
සමනලුන් දුටුව සිරි
රොන් ගත විහිදේ ‍
පෙම් ලිය ගොමුවේ
පොබයා මල් සිනහා
පොබයා මල් සිනහා

හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ

පෙම් ගලා සුළඟ කැටිවී
ඇති තුරුළු වෙලා කිමිදී
කඳු ගැට මතදී
බැස යන ගඟදී
සීතල මට දැණුනා
සීතල මට දැණුනා

හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා
මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ
පෙම් සයුරට මුසුවේ

සුදු පළිඟු තලා උඩදී
සඳ කිරණ සමග මුසු වී
පෙම් රළ පතරේ
පෙණ පිඩු විසිරේ
ආදර කිරි මුහුදේ
ආදර කිරි මුහුදේ

හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා
මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ
පෙම් සයුරට මුසුවේ


ගායනය - මොහිදීන් බෙග්, රුක්මණී දේවි
සංගීතය - සජාද් හුසේන්
ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
චිත්‍රපටිය - දෛවයෝගය (1959)

කරුණාකර මෙම ගීතයේ පද නිවැරදි කිරීමට උදව් කරන්න :D



වීඩියෝව ගත්තෙ මෙතනින් - යුග යුග රැඳි යුග ගී

Comments

  1. ගී පැදුර Admin කරුණාකර මා අමතන්න.
    0714274851
    0752754924
    0768893817

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...