මාගෙ මතකේ ඔබේ රුව - සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල | Mage mathake obe ruwa ande - Sujatha Atathanayaka, HR Jothipala



මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි //

ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි //

ඔබ මා හදේ සැරිසරයි ////

ගායනය - සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල
සංගීතය - ජේ.ඒ. දොඩංවල
ගී පද - ලීලානන්ද ගුණවර්ධන
මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. බොහොම ලස්සන ගීතයක්.. විස්තර වලට ස්තූතියි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...