මල් නෙලලා වරලස ගවසාලා - ෆීලික්ස් ඇන්ටන් | Mal nelala waralasa gawasala - Felix Anton


මල් නෙලලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසීලා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඬුවේ නෑ
ගියයි කියා මා හැඬුවේ නෑ

විකසිත නෙත දස අත දිව යන්නේ
ඇයගෙනි මම මෙය විමසන්නේ
ඇය මටත් පිදූ සිතනේ ඔහු වෙතත් පුදා ඇත්තේ
ඇය මටත් පිදූ සිතනේ ඔහු වෙතත් පුදා ඇත්තේ
එය හැඟුනොත් කවදාහරි
නිසැකයි ඔහු යාවි හැරී

මල් නෙලලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසිලා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඬුවේ නෑ
ගියයි කියා මා හැඬුවේ නෑ

එක නෙලුමද එක විල උපදින්නේ
එක රැල්ලද සයුරෙහි නැගුනේ
ගිලිහුනත් සැඳෑ අඹරේ තව ඉරක් නැගේ උදයේ
ගිලිහුනත් සැඳෑ අඹරේ තව ඉරක් නැගේ උදයේ
සැනසිල්ලෙන් සතුටෙන් පිරී
ලොව කිමදෝ ඉඳිනු බැරි

මල් නෙලලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසිලා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඬුවේ නෑ
ගියයි කියා මා හැඬුවේ නෑ

ගියයි කියා මා හැඬුවේ නෑ //


ගායනය - ෆීලික්ස් ඇන්ටන්
තනුව - ෆීලික්ස් ඇන්ටන්
පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903

Comments