රෝස් රෙඩීෂා - ඉන්දික ප්‍රසාද් | Rose redisha - Indika Prasad


ආදරෙ සොරාගන්න මා සිත සොයන්
ආවානම් මග බලා
සල්සා නැටුමට ‍‍නොසිතූ මොහොතේ ආ
රෝස් රෙඩීෂා
වයලින් වයමූ වස්දඬු පිඹිමූ
නැතුවට බැලලයිකා
ගිටාර තනුවේ කෝමල තීවෘ පා
වයනව වාදකයා

සීතල මීදුම් රෑ
පන්හිඳ වැටුණේ නෑ
නුඹ මා තුරුලු කරන්
සෙනෙහස උතුරාවී
මදකට ගොළු වී සීතල අඳුරේ
රඟනව රඟධරයා
ගිටාර තනුවේ කෝමල තීවෘ පා
වයනව වාදකයා

නින්ද හරිම හොඳ නෑ
අවදිව හිටියෙත් නෑ
අළුයම හොර හොරෙන් මේ
අඳුරත් නොකියාවී
පාලුව හමුවී දහවල් එළියේ
තැවෙනව රඟධරයා

ආදරෙ සොරාගන්න මා සිත සොයන්
ආවානම් මග බලා
සල්සා නැටුමට ‍‍නොසිතූ මොහොතේ ආ
රෝස් රෙඩීෂා
වයලින් වයමූ වස්දඬු පිඹිමූ
නැතුවට බැලලයිකා
ගිටාර තනුවේ කෝමල තීවෘ පා
වයනව වාදකයා


ගායනය, සංගීතය - ඉන්දික ප්‍රසාද්
ගී පද - රුවන් නන්දික




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruwan Nandika

Comments