ලා සඳ එළියේ - නුවන් ගුණවර්ධන | La sanda eliye - Nuwan Gunawardena


ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා //
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා

හිමිදිරි උදයේ හිරැට හොරා
සමනල විහඟුන් සැමට හොරා //
ලා තණපත් මත මුතු පිණි කැට මත
ඔබ කැන්දා එමි මහද කරා

ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා

ඔබ මා ළඟ නම් දවස පුරා
ලතැවුල් නොතැනේ භවය තුරා //
දුක සැප එක ලෙස සමව දරා අපි
අතිනත් ගෙන යමු සසර සරා

ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා //
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා


ගායනය - නුවන් ගුණවර්ධන
තනුව - නුවන් ගුණවර්ධන
පද - නුවන් ගුණවර්ධන

මෙම ගීතයේ පද හා තනුව නුවන් ගුණවර්ධන මහතාගේමද යන්න විශ්වසනීය නැත. වැරදියි නම් කරුණාකර නිවැරදි කිරීම සඳහා කමෙන්ටුවකින් දන්වන්න.



වීඩියෝව ගත්තෙ මෙතනින් - Nuwan Gunawardene

Comments