මට හීනයක් වෙලා - දමිත් අසංක | Mata heenayak wela - Damith Asanka


මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ //

රෑ දොළොස් පැයේ ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුණේ //
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තරුකා වියන් ගොතාලා මගේ අම්බරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ //
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා... ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ


ගායනය - දමිත් අසංක
සංගිතය - අමිල දිල්හාන්
ගී පද - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments