පෙම්වතා - අමිල සඳරුවන්, ලසඳුනි ජයවර්ධන, හැපි ජර්නි | Pemwatha - Amila Sandaruwan, Lasanduni Jayawardena, Happy Journey



සිංදු ලියලා තනුව දැම්ම පෙම්වතා මමයි
චිත්‍රේ ඇඳල පාට කරපු පෙම්වතිය මමයි
පිස්සු හැඳිලා කවිය ලියූ පෙම්වතා මමයි
මාව දැනිලා ආදරේට වෛරකරපු
පෙම්වතිය මමයි

සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට
සරත්චන්ද්‍රගෙන් භරතමුණිට
භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට
ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට
මාරු උනා
මාරු උනා
මාරු උනා මං

අම්මේ මට කියන්න
මං කවුරු වගේ වෙයිද

රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං
ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං
පිච්ච මලෙන් ගංජා මලට
මාරු උනා
මාරු උනා
මාරු උනා මං

රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං
ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං
පිච්ච මලෙන් ගංජා මලට
මාරු උනා
මාරු උනා
මාරු උනා මං

තාත්තේ මට කියන්න
මං කවුරු වගේ වෙයිද



ගායනය - අමිල සඳරුවන්, ලසඳුනි ජයවර්ධන, හැපි ජර්නි



වීඩියෝව ගත්තෙ මෙතනින් - SLF Digital Film Academy

Comments

  1. mokakda amila me sinduve theruma?pahadili karanna.venas veema ganada?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...