සලා දෙනෙත් යුග - නිශාන්ත ප්‍රදීප් | Sala Deneth Yuga - Nishantha Pradeep


සලා දෙනෙත් යුග- ඉඟිකර හොරෙන් බලා..
සිනාසුනා මට - ඔබ ගැන හැඟුම් පොවා..
කොහේ ගියේ ඔබ - මගෙ සිත තලා පෙලා..
සනාතනයි කියු - අපමණ පෙමක් දවා..

එදා පෙමින් ඉඟි කලේ.. ඔබයි
සදා දුකින් තනිවුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි...

සලා දෙනෙත් යුග...

පුරා සඳක් ලෙස පෙනේවි දැයි..
බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි..
බිඟුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි..

සලා දෙනෙත් යුග...

ගායනය : නිශාන්ත ප්‍රදීප්
සංගීතය : නිශාන්ත ප්‍රදීප් / ශෙහාන්
ගී පද : මාධව හේවාවසම්, ආශා රාජපක්ෂ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Siyallamethana

Comments

  1. හිනයක් වගේ ඔබ ආවා - අමල් පෙරේරා

    හිනයක් වගේ ඔබ ආවා
    හිනයක් දිගේ ඔබ ආවා
    ආදරෙන් මගේ හිස අත ගෑවා
    හිනයක්ද මේ හිත කිවා

    ReplyDelete
  2. පස්ට සිංදුව මෙක දැන් ගොඩක් කල් නේ ??රොක් ගතිය නිසා නියමයි

    ReplyDelete
  3. punchi dawas wala nindata yaddi-sujatha aththanayakage song eke lyrics danna puluwnda?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...