සීතල සඳ එළියේ - අනිල් භාරතී | Seethala sanda eliye - Anil Bharathi


සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම් //

ඔබ වේ මාගේ ප්‍රිය සොඳුරී
ගොතලා කීවා ගී මිහිරි
පරදයි වාගේ කෝකිළ නාදේ
දෙසවන මාගේ රස මැවුනේ

සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම්

ඔබ හා එක් වී සැන්දෑවේ
ඔරු පැද යන්නම් ගංඟාවේ
ඔය හැඩ මූණේ පෙම් මදහාසේ
කිසි දින නෑනේ අඩු වූයේ

සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම් //


ගායනය - අනිල් භාරතී




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sri Lankan Live Musical Shows | HD

Comments