වන බඹර කුලේ - මර්වින් පෙරේරා | Wana bambara kule - Mervin Perera


වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා

සිසි කිරණ තරම්
සිහිලසට උවම්
කිසිවක් නැති ඇයි පැවසූ //
මිහි දෙරණ තලේ
ඔබෙ වත කමලේ
දුටුවෙමි සිහිලැල්ල සුදූ

වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා

දිය දිණිති පවා
මල් කිණිති නවා
අත වනමින් කතා කලේ //
මගෙ ගතට හුරු
සහනය සපිරු
ඔබ සුවඳයි නෙළුම් මළේ

වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා

උදේ හවා ////



ගායනය, සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Premakeerthi Gee

Comments

  1. මීට පෙර අසන්නට නොලැබුණු ගීයක්.
    පද පෙළ සමග ඉදිරිපත් කර තිබීමට ස්තුතියි...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...