ආදරයද මේ - ඩබ්ලිව් ඩී අමරදේව | Aadarayada Me - W. D. Amaradewa


ගිමන් හරින දියඹ දිගේ..
සුසුම් හෙලන වෙරල ඉමේ..
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා..
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...

හිත් දැහැනේ වෙලී තිබුණු..
නෙත් දැහැනේ ගලා හැලෙන..
මියැදෙන්නට බලා ඉදපු ආදරයද මේ..
කිදු රහසේ කියා දුන්නු ආදරයද මේ...

නිල් කටරොළු නිල නැහැවුන..
මල් ගව මෘදු සුව රැදවුන..
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ..
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ..

ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - ජානක සිරිවර්ධන
සංගීතය - අරුණ ගුණවර්ධන

වීඩියෝව ගත්තෙ මෙතනින් - TV Derana

Comments

  1. ගීතය රසවින්දෙමි. නුඹට තුති!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...