කාලෙක ඉඳන්ම - තිළිණ බාලසූරිය | Kaleka indanma - Thilina Balasooriya


කාලෙක ඉඳන්ම දෙඩෙව්ව කතාව ඉවරයි
තාලෙට වයන්න ගිටාරයක් මට උරුමයි
දුරකථනය දැන් ඉස්සර වගෙ නෑ නිහඬයි
ඔළුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔළුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි

ඔයාගෙ ලස්සන ඇස් දෙක මතකයි
කම්මුල් දම්වුණු තැන් මට මතකයි
තාලෙට පැද්දුණ කොණ්ඩේ සිනිදුයි
මතකය අවදි වුණා හරි සොඳුරුයි
මතකය අවදි වුණා හරි සොඳුරුයි

බස් එකෙ එල්ලුනු හැටි මට මතකයි
රණ්ඩුව ඉවර වුණා මට මතකයි
කෙල්ලෙක් කේලම් කීව අමිහිරියි
ඔයාම තුරුළු වුණා එය සොඳුරුයි
ඔයාම තුරුළු වුණා එය සොඳුරුයි

කාලෙක ඉඳන්ම දෙඩෙව්ව කතාව ඉවරයි
තාලෙට වයන්න ගිටාරයක් මට උරුමයි
දුරකථනය දැන් ඉස්සර වගෙ නෑ නිහඬයි
ඔළුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි
ඔළුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි

ඔළුවෙ මුකුත් නෑ කොලේක ලියන්න පුදුමයි //
ඔළුවෙ මුකුත් නෑ...



ගායනය, සංගීතය, ගී පද - තිළිණ බාලසූරිය




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments