කවදා හෝ - ගෞරව් ධගොන්කර් | Kawada Ho - Gaurav Dagaonkar


දන්න හඳුනනා තරු නෙතු ගැටිලා..
නොදන්න ගානේ මා පහුකෙරුවා...//

මට ඔබ විතරක් හින්දා..
ඔබට වෙනත් අයෙක් ඉදලා..
පෙම් හීනෙන් මා ඇහැරවා තනිකලා...
කවදා හෝ....ඔබ දුක්වෙයි..
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි...//
ලඟදිම එයි....

කඳුළු කුණාටුව ගැටිලා - හීනහිතේ බොල් වූවා
ආත්ම ගාණක ඉදලා - අප මේ ලෙස වෙන්වූවා
මා තරම් ආදරේ - කවුරුවත් නෑ ලොවේ
මා රැවටූවේ ඇයි...
කවදා හෝ....ඔබ දුක්වෙයි..
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි...//
ලඟදිම එයි....

උරුම වේදනා විදලා - නොදැනිම කාලය ගෙවුනා
මතකද කියාන හිතලා - පෙම්කල මුල්ම කෙනා මා..
මා තරම් ආදරේ - කවුරුවත් නෑ ලොවේ
මා රැවටූවේ ඇයි...
කවදා හෝ....ඔබ දුක්වෙයි..
මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි...//
ලඟදිම එයි....

ගායනය : Gaurav Dagaonkar
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : Gaurav Dagaonkar



වීඩියෝව ගත්තෙ මෙතනින් - FM Derana

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...