මාමේ අපෙ කළු මාමේ - ඇනස්ලි මාලෙවන | Mame ape kalu mame - Annesley Malewana


මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //


බුලත් කොරටුවේ වැට දැන් දිරාලා
බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා //

එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා
එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ //


මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //


මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ //

එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා
නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ //


මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //



ගායනය - ඇනස්ලි මාලෙවන
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - operationcwaI789789

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...