ගෙඩි සියයක් - නන්දා මාලනී | Gedi Siyayak - Nanda Malani


ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි...//
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ..
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ..//

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...

ගෙඩි සියයක්...//

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

ගෙඩි සියයක්...//

ගායනය : නන්දා මාලිනී
පද රචනය : සමන් ප්‍රියදර්ශන
සංගීතය : ආනන්ද ගමගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Surekanm

Comments

  1. ගස් සොලවා හමා ඇදෙන
    සුළඟ තවත් මුරණ්ඩු වෙයි
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
    අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...

    ReplyDelete
    Replies
    1. Ela...ඔන්න වෙනස් කලා... :)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...