යුගයෙන් යුගයේ ඔබ දුටුවා - නන්දා මාලිනී | Yugayen yugaye oba dutuwa - Nanda Malini - sinhala lyrics


යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කර දියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය

යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

සුන්බුන් වූ විට සැඩ සුළඟේ
දිය පිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය


ගායනය - නන්දා මාලිනී
සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය - සුනිල් ආරියරත්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - Charaka Batuwatta

Comments