මගෙ හිත පිරී තිබෙන්නේ - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය | Mage hitha piree thibenne - Niranjala Sarojini, Abeywardana Balasuriya - sinhala lyrics


මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ


අප ළං කරවා
කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි


මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ


කඳුළැල් මැදුරේ
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන්
දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි ///


ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් -

Comments