මේ අයුරින් අපි - ටී. එම්. ජයරත්න | Me Ayurin Api - T.M.Jayarathne - sinhala lyrics


මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..

මේ අයුරින් අපි....

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..

මේ අයුරින් අපි...

ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..

මේ අයුරින් අපි...

ගායනය - ටී. එම්. ජයරත්න
තනුව - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Harsha Herath


Comments

  1. මේ අයුරින් අපි - ටී. එම්. ජයරත්න | Me Ayurin Api - T.M.Jayarathne - sinhala lyrics

    සාගර ජලයත් මදි හැඬුවා මදි >>> සාගර ජලයත් මදි හැඬුවා මම

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...