ඔබෙ සුමුදු අතින් - විජය බණ්ඩාර වැලිතුඩුව | Obe sumudu athin - Wijaya Bandara Welithuduwa - sinhala lyrics


ඔබෙ සුමුදු අතින්
මගෙ කඳුළු පිසින්
මා හඬවා රිදවා ගිය දා
සෙනෙහේ නොහඳුණනා හින්දා //

ඈත වසන්තේ මල් මී ගොන්නේ
මෑත වාලුකා නියම් තලාවේ
අතරේ තනි වී හැඟුමන් තෙරපී
අතරේ තනි වී හැඟුමන් තෙරපී
මා ගෙවනා රුදු සංසාරේ

ඔබෙ සුමුදු අතින්
මගෙ කඳුළු පිසින්
මා හඬවා රිදවා ගිය දා
සෙනෙහේ නොහඳුණනා හින්දා

භවෙන් භවේ අප පෙරුම් පුරා විත්
මේ භවයේදී දෙතැනක තනි වී
මතු සසරක් ගැන පෙරුම් පුරන්නට
මතු සසරක් ගැන පෙරුම් පුරන්නට
හමු වේවිද මේ සංසාරේ

ඔබෙ සුමුදු අතින්
මගෙ කඳුළු පිසින්
මා හඬවා රිදවා ගිය දා
සෙනෙහේ නොහඳුණනා හින්දා //


ගායනය - විජය බණ්ඩාර වැලිතුඩුව
සංගීතය, ගී පද - නිහාල් ගම්හේවා




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sujeewa Punchihewa

Comments