පායා සීත රැයේ - විජය කුමාරතුංග | Paaya seetha raye - Vijaya Kumarathunga - sinhala lyrics


පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින්
තනි වී ඇත මා සසරේ //
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නොඑනා ඔබේ ලොවේ

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

මද පවනේ රැඳි විලසින්
හඬ තාම ඇසේ ඇයගේ //
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

පායා සීත රැයේ
පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ
තනි වූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

ගායනය - විජය කුමාරතුංග
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - Aruna hennayake

Comments