ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් - නිමල් ගුණසේකර | Prema maya dale patalila noyan - Nimal Gunasekara - sinhala lyrics


ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
‍සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බි‍ඳේවි මොහොතකින් //

බිඳුණු පෙම් හදින් හඬන තුරුණු පෙම්වතුන්
ලෝකයේ කොතෙක්ද යාළුවේ
පුංචි කාලේ එවන් වේදනා දැණුනොතින්
දරාගන්න හැකිද ඔය සිතින්

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
‍සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බි‍ඳේවි මොහොතකින්

මිහිරි කල්පනා සුමුදු මුකුළු මල් හිනා
පුංචි හිතට සතුට ගෙනෙනවා
නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිඳුණොතින්
පුංචි හිතට දේ ද වේදනා

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
‍සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බි‍ඳේවි මොහොතකින් //


ගායනය - නිමල් ගුණසේකර
තනුව - නිමල් ගුණසේකර
පද - රොඩ්නි විදානපතිරණ





වීඩියෝව ගත්තෙ මෙතනින් - Live Musical Shows in Sri Lanka

Comments